මාර්ග සංවර්ධන අධිකාරියේ ඩිජිටල් පරිවර්තන ගමන සදහා කාර්යය මණ්ඩල වෙනුවෙන් ඩිජිටල් පරිවර්තන පුහුණු වැඩමුළුවක් …..!
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යය මණ්ඩල සදහා ඩිජිටල් පරිවර්තනය පිළිබද ප්‍රේරණාත්මක හා වෙනස්කම් කළමනාකරණ පුහුණු වැඩමුළුවක් බත්තරමුල්ල සෙත්සිරිපාය සංකීර්ණයේ දී පසුගිය 25 වෙනි දින පැවැත්වුණි…!
මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු පද්ධති හා ජාල කළමනාකරණ අංශයේ දායකත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කෙරිණ. මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ රාජ්‍ය සේවකයන්ගේ ඩිජිටල් දැනුම වර්ධනය කිරීම, ධනාත්මක මනෝභාවයන් වර්ධනය හා නවීන තාක්ෂණික පරිසරයට කාර්යය මණ්ඩල අනුගත කිරීමත් ආයතනික කාර්යක්ෂමතාව වර්ධනය කර සේවා සැපයුම වඩාත් කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායක ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය දිගු කාලීනව සැලසුම් ද සැකසීමත් වෙනුවෙන් ය…!
මෙහි ප්‍රධාන ආරාධිත දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඉංජිනේරු රනිල් සුගතදාස මහතා විසින් පවත්වනු ලැබිණ…!
මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්ෂ ජනරාල් එච්.එච්. ඒ. හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු අධිකාරියේ නිළධාරීහු සහ සේවක පිරිස් එක්ව සිටියහ….!